ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් 163,433 දෙනෙකු අයදුම් කර ඇති බව ද ඒ අතරින් දැනටමත් රාජ්‍ය සේවයේ යෙදී සිටින අයදුම්කරුවන් 66,991 දෙනෙකු සිටින අතර බාහිර අයදුම්කරුවන් 96,442 දෙනෙකු සිටින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය ඊයේ (24) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1048 දී සාර්ථක ව පවත්වා අවසන් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විභාග දෙපාර්තමේන්තුව 2023 දී රාජ්‍ය සේවයේ උපාධිධාරී ගුරුවරුන් සඳහා බඳවා ගැනීමේ විභාගයක් සැලසුම් කර තිබුණ ද, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සහ අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවක් හේතුවෙන් එය අත්හිටුවන ලද බව අමාත්‍යාංශය තවදුරටත් පැවසීය.
2023 වර්ෂයේදී, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් සැලසුම් කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩු 3ක් සහ අභියාචනාධිකරණයේ පැවති එක් නඩු කටයුත්තක් හේතුවෙන් අදාළ විභාගය අත්හිටුවීමට කටයුතු කරන ලදී.















