පසුගිය 11 වන දින රාත්‍රියේ නාදුනන පුද්ගලයින් තිදෙනෙක විසින් අම්බලන්තොට මාමඩල හංදිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකු වෙඩිතබා, කපාකොටා ඝාතනය කර හිස දේහයේ හිස කොටස මාමඩල හංදියේ පිළිරුවක තබා පළා ගිය සාහසික අපරාධය සම්බන්ධව විමර්ශන සිදුකළ අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් හා තංගල්ල කොට්ඨාස අපරාධ විර්ශන ඒ්කකය සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවෙකු අම්බලන්තොට පොලිස් ස්ථානය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා තංගල්ල කොට්ඨාස අපරාධ විර්ශන ඒ්කකය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අම්බලන්තොට් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
2025.02.02 වන දින ඇලේගොඩ මාමඩල ප්‍රදේශයෙන් වාර්තා වූ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයට පලිගැනීමක් ලෙස මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ මරණකරුගේ බිරිඳගේ පියා හම්බන්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.
















