2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ලබා දුන් බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
අල්ලස් කොමිෂමට ප්‍රකාශය ලබා දීමෙන් පසු පිටත පැමිණෙමින් සිටි මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ සාධාරණ තීන්දුවක් දෙනවා නම් මේ හැම දේකින්ම තමාව නිදහස් කළ යුතු බවයි.
“කපිල නැති වෙලා තියෙන්නේ. නමුත් එයා දීපු සාක්ෂි තියෙනවා නේ. කට උත්තරයක් ඇතිනේ. ඉතිං … ඒක බලන්න ඔ්නෑ” රාජපක්ෂ මහතා පැවසුවේය.














