ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ඇමැති නලින්ද මාලදිවයිනට

මාලදිවයිනේ විලා නෝටිකා හිදී අද (11) ආරම්භ වූ 21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීම සහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  හෙට (12) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.

ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය වෘත්තිකයන් සහ ආසියානු රටවල අනෙකුත් නියෝජිතයින් සහභාගී වීමට නියමිත සමුළුව මැයි 14 වන දින දක්වා පැවැත්වේ.

මාලදිවයින් රජයේ නියෝජිතයින්ට අමතරව, බංග්ලාදේශයේ තොරතුරු හා විකාශන අමාත්‍යවරයා, බිම්ස්ටෙක් මහලේකම්වරයා, සාර්ක් මහලේකම්වරයා, ටිමෝර්-ලෙස්ටේහි සමාජ සන්නිවේදන රාජ්‍ය ලේකම්වරයා සහ ආසියාවේ මාධ්‍ය හා සන්නිවේදන අංශවල තවත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.

සමුළුවේ සිව්වන සැසිවාරයේදී වෛද්‍ය ජයතිස්ස මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. ඔහු මාධ්‍ය ප්‍රතිපත්තිය, මහජන තොරතුරු ප්‍රචාරණය, මාධ්‍ය වෘත්තීයභාවය සහ මහජන අවශ්‍යතා ඉටු කිරීමේදී සන්නිවේදකයින්ගේ වගකීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඉහළ ඡායාරූපය – news.lk ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website