දිට්වා කුණාටුවෙන් හානියට පත් ඇළහැර අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව දිට්වා ආපදාවෙන් හානි වූ ලෝක උරුම ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු ඊයේ (10) ආරම්භ කළේය.

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා රුපියල් මිලියන 309කට අධික මුදලක් වෙන් කර ඇති අතර, එහි ඇස්තමේන්තුගත මුදල රුපියල් 309,144,000කි.

මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි මහතා සහ පද්මසිරි බණ්ඩාර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රජයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website