නව විදුලි ගාස්තු වැඩි කිරීම රජය මධ්‍යම පංතියෙන් සහ කර්මාන්තකරුවන්ගෙන් කප්පම් ගැනීමට උත්සාහ කිරීමක් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා කළේය.
ඒකක 180 ඉක්මවන විදුලි පාරිභෝගිකයින් සඳහා මෙම නව විදුලි ගාස්තු පැනවීම හේතුවෙන් ඉහළ මධ්‍යම පාන්තිකයින්, ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
බාල ගල් අඟුරු වල බර රටේ විදුලි පාරිභෝගිකයින් මත පටවන්න එපා යැයි ඉල්ලීමක් කළ ද, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ රජය විදුලි ගාස්තු 18%කින් වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කර ඇති බවට සජිත් ප්‍රේමදාස පැවසුවේය.
විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා අද (09) මේ බව ප්‍රකාශ කළේය.















