
ස්මාර්ට් පන්ති කාමර තුළ යූටියුබ් වීඩියෝ ප්‍රදර්ශනය කිරීමට පමණක් සීමා නොවී, විෂය නිර්දේශයට අදාළ ගුණාත්මක ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
විවිධ පෞද්ගලික වේදිකා ඔස්සේ අන්තර්ගතයන් ඉදිරිපත් කරනවා වෙනුවට, සියලුම අධ්‍යාපනික ද්‍රව්‍ය ‘ඊ-තක්සලාව’ වැනි රජයේ නිල පද්ධතියක් හරහා ප්‍රමිතියකින් යුතුව ලබාදීමේ වැදගත්කම ද ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.
මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව, ඉගැන්වීම් අන්තර්ගතයන් සංවර්ධනය කිරීම සහ ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම අත්‍යවශ්‍ය සාධකක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඩිජිටල් කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයන් සහ මෙරට මෘදුකාංග ක්ෂේත්රයේ ප්‍රවීණයන් පිරිසක් සමඟ ඊයේ (08) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
ස්මාර්ට් පන්තිකාමර තුළ යූටියුබ් වීඩියෝ ප්‍රදර්ශනය කිරීමට පමණක් සීමා නොවී, විෂය නිර්දේශයට අදාළ ගුණාත්මක ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහි දී පෙන්වා දුන්නාය. විවිධ පෞද්ගලික වේදිකා ඔස්සේ අන්තර්ගතයන් ඉදිරිපත් කරනවා වෙනුවට, සියලුම අධ්‍යාපනික ද්‍රව්‍ය ‘ඊ-තක්සලාව’ වැනි රජයේ නිල පද්ධතියක් හරහා ප්‍රමිතියකින් යුතුව ලබාදීමේ වැදගත්කම ද ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.
විශේෂයෙන්ම ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 මූලික කරගනිමින් ඩිජිටල් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. වසරකට පුහුණුව ලබන ගුරු සිසුන් 6,000ක් පමණ තාක්ෂණයට හුරු කිරීම හරහා පාසල් පද්ධතිය තුළ සැබෑ ගුණාත්මක වෙනසක් ඇති කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
මෙම ව්‍යාපෘති දිගුකාලීනව පවත්වාගෙන යාම සඳහා රජය සහ පෞද්ගලික අංශය අතර විධිමත් ගිවිසුම්ගත ක්‍රමවේදයක් පැවතීමේ වැදගත්කම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය. විශේෂයෙන් පාසල්වල විදුලි පිරිවැය සහ අන්තර්ජාල සම්බන්ධතා ගාස්තු වැනි ප්‍රායෝගික ගැටලු කළමනාකරණය කරමින් මෙම ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු කිරීම පිළිබඳව දෙපාර්ශ්වය දීර්ඝව සාකච්ඡා කළහ.
අධ්‍යාපන පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ පස් අවුරුදු සැලැස්ම ඉදිරියේදී අවසන් කරන බවත්, එම සැලැස්ම තුළ හඳුනාගෙන ඇති ප්‍රමුඛතා අනුව සිය දායකත්වය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියාය.














