රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා වන AI භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති රාමුව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එළිදකී

ශ්‍රී ලංකාව කෘතිම බුද්ධියේ අනාගත භාවිතය හැඩගස්වා ගත යුත්තේ ප්‍රතිපත්ති, ආචාර ධර්ම සහ නිසි පාලන ක්‍රමවේදයක් හරහා බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

පසුගිය 08 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කොළඹ ඇමරිකානු තානාපති කාර්‍යාලයේ සහයෝගීතාවය සමඟ සංවිධානය කරන ලද, කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් ශාලාවේ පැවති “රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා වන AI භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති රාමුව” එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළා.

මෙහි දී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, “අපි ගනුදෙනු  කරන්නේ  දිනෙන් දින ශීඝ්‍රයෙන් වෙනස් වන තාක්‍ෂණය සමඟයි, ඒ නිසා තාක්ෂණය සමඟ කටයුතු කිරීමේදී ප්‍රතිපත්ති සැකසීම, පාලනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පද්ධතීන් තිබීම අත්‍යවශ්‍ය කරුණක්. ශ්‍රී ලංකාව කෘතිම බුද්ධියේ අනාගත භාවිතය හැඩගස්වා ගත යුත්තේ ප්‍රතිපත්ති, ආචාර ධර්ම සහ නිසි පාලන ක්‍රමවේදයක් හරහායි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website