සියලුම පෙර පාසල් 2026 ජූලි 01 දාට පෙර ලියාපදිංචි කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දෙයි

දිවයින පුරා ඇති සියලුම පෙර පාසල් මේ වසරේ ජූලි 1 වන දිනට පෙර ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

අනාගතයේදී ඕනෑම පෙර පාසලක් පිහිටුවීමට පෙර ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website