ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමඟ ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට අදියර දෙකක් යටතේ වන්දි ලබා දීමට පියවර ගන්නා බවත් ඒ සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේය.
“මේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අදාළ මුළු වන්දි මුදලෙන් 50%ක් මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව මෙම මාසයේ 15වනදා වනවිට පළවෙනි 50%ක වන්දි මුදල අදාළ පිරිසට ලබාදීමට කටයුතු කරනවා. ඉතිරි 50%ක මුදල කෙටි කාලයක් තුළ ලබා දීමට අපේක්ෂා කරනවා” බලශක්ති අමාත්‍යවරයා පැවසුවේය.















