ජනපති අනුරගේ ඇතැම් ප්‍රකාශ අධිකරණයට ඇඟිලි ගැසීමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් කියයි

අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරන බවත් එවැනි ප්‍රකාශ අධිකරණයට ඇඟිලි ගැසීමක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පැවසුවේ, අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක ප්‍රතිඵලය, තීන්දුව ලබා දීමට පෙර සිටම තමන් දැනටමත් දන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

“එවැනි ප්‍රකාශ විනිසුරුවන්ට බලපෑම් කිරීමට හෝ මහජන අනුමැතිය ලබා ගැනීමට ගත් උත්සාහයක් ලෙස අර්ථ දැක්විය හැකියි. මෙම හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පිළිගත් අධිකරණ සම්ප්‍රදායන්ට පටහැනියි” ඔහු පැවසීය.

මහාචාර්ය පීරිස්ට අනුව මෙවැනි අදහස් අධිකරණයට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන අතර එහි ස්වාධීනත්වයට හානි කරයි.

“ජනාධිපතිවරයා කියන්නේ විධායකයේ ප්‍රධානියා, ඔහු විසින් එවැනි ප්‍රකාශ නිකුත් කිරීම කනස්සල්ලට කරුණක්. මේ හරහා ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණය අතර සංවරණය  අභියෝගයට ලක්වෙනවා” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website