Rajasthan Royals කණ්ඩායමේ කොටස් වලින් 93%ක් ඉන්දීය බිලියනපතියන් දෙදෙනෙකුට

Rajasthan Royals කණ්ඩායමේ පාලනාධිකාරියට අයත් බහුතර කොටස් අත්පත් කරගැනීමට ඉන්දීය බිලියනපතිවානේ ව්‍යාපාරික ලක්ෂ්මි මිට්ටාල් සහ එන්නත් ව්‍යාපාරික අදාර් පූනවල්ලා ඉදිරිපත් වී සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඔවුන් අමෙරිකානු ඩොලර් බිලියන 1.65කට රාජස්ථාන් මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

කෙසේ නමුත් මෙම ගනුදෙනුව සම්පූර්ණවීමට නම් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ගතයුතු අතර, තවත් ආයතන කිහිපයකම නියාමන රෙගුලාසිවලට යටත්විය යුතු බව ද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙයි.

මෙහිදී මිට්ටාල් සහ ඔහුගේ පවුලේ අයට රාජස්ථාන් කණ්ඩායමෙන් බහුතර අයිතියක් එනම්, 75%ක අයිතියකට හිමිකම් කීමට අවස්ථාව උදා වන අතර පූනවල්ලාට එහි කොටස් අයිතියෙන්18% අයිතියක් හිමිවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම ගනුදෙනුවට නිල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ඔවුන්ට රාජස්ථාන් රෝයල්ස් සන්නායම යටතේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ‘SA20’ තරගාවලියේ පාල් රෝයල්ස් සහ CPL තරගාවලියේ ‘බාබඩෝස් රෝයල්ස්’ කණ්ඩාම්වල අයිතියට හිමිකම් කීමට ද අවස්ථාව හිමිවේ.

රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් තරුවක් වන කුමාර් සංගක්කාරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website