
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ, අභාවප්‍රාප්ත රංග රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු ඊයේ (02) වීරඹුව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරන ලදී.
ඒ මහතාගේ දේහය කුලියාපිටියේ පහළ වීරඹුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබුණ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඥාති හිතමිත්‍රාදීන්, ප්‍රදේශවාසීන් සහ රජයේ නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.













