ලංකා ඛනිජ තෙල් සංස්ථාව සියලුම ඉන්ධන මිල ගණන් ‘ඉහළ දමයි’ – නව මිල ගණන් මෙන්න

‍ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (02) මධ්‍යම රාත්‍රි 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.

  • නව මිල සංශෝධනය අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 392කි.
  • සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 458කි.
  • පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 410කි.  
  • පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල්  470කි.
  • භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 265කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website