ෂම්මි සිල්වාගේ ඉල්ලා අස්වීම ක්‍රීඩා ඇමැති පිළිගනී – ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ විධායක කමිටුවේ ඉල්ලා අස්වීම යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පිළිගෙන තිබේ.

1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියේ 31 සහ 34 වගන්ති මගින් ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේ, ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම පරිපාලන කටයුතු අද (28) සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතට ගෙන එනු ලැබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ගැටලු වලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් ඉක්මනින් පත් කිරීමට නියමිත බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website