මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 2700 දක්වා අඩු කිරීමට සැලසුම්

ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම හරහා වාර්ෂිකව මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 2,700කට වඩා අඩු කිරීම අරමුණු කරගත් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ පිළිබඳ දැනුවත්භාවය කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී අද (27) සංවිධානය කරන ලද වැඩමුළුවකදී අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

රියදුරන් ආශ්‍රිත ගැටලු අනතුරු වලින් 53%ක් සඳහා හේතු වන අතර 15-18%ක් මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ බව අමාත්‍යවරයා සඳහන් කළ අතර, විනය සහ නිසි පුහුණුව ලබාදීමේ කඩිනම් අව්‍යතාව අවධාරණය කළේය.

ප්‍රමිතිගත බස් රථ සහ වාහන හඳුන්වා දීමෙන් මගී ආරක්ෂාවට රජය ප්‍රමුඛත්වය දෙන බවත්, තිරසාර ආරක්ෂක ප්‍රතිසංස්කරණ හරහා 2029 වන විට මාර්ග මරණ සැලකිය යුතු ලෙස අඩු කිරීම අරමුණු කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website