සමගි ජන බලවේගය මැයි දින රැළියට එක්වන ලෙස එජාපයට නිල ආරාධනයක්

මැයි 01 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගය මැයි දින රැලියට සහභාගී වන ලෙස එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එක්සත් ජාතික පක්ෂය ලිඛිත ආරාධනයක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් විධිමත් ලිපියක් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මියට යොමු කළ බව සජබ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද මැයි දින රැලිය මැයි 1 වන දින මාලිගාවත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පස්වරු 2.00 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

රට මුහුණ දෙන අභියෝග හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමට කාලය පැමිණ ඇති බව ලේකම් මද්දුම බණ්ඩාර මහතා සිය ලිපියෙන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website