වෙසක් සතියට අදාළව පාසල්වල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන “වෙසක් සතිය”ට සමගාමීව පාසල්, අධ්‍යාපන විද්‍යාපීඨ, පිරිවෙන් සහ ගුරු පුහුණු ආයතනවල සංවිධානය කළ යුතු වැඩසටහන් පිළිබඳ චක්‍රලේඛයක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.

චක්‍රලේඛයට අනුව, රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් සතිය සැමරීම සඳහා මැයි 26 සිට ජුනි 02 දක්වා අදාළ වැඩසටහන් පැවැත්විය යුතුය.

යෝජිත ආදර්ශ සැලැස්මක් සමඟ මෙම වැඩසටහන් සංවිධානය කිරීම සඳහා අමාත්‍යාංශය උපදෙස් ද ලබා දී ඇත. ආයතනවලට තම තමන්ගේ පරිසරයන්ට ගැලපෙන ආකාරයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇති බව චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

2026 මැයි 30 වන දිනට යෙදෙන වෙසක් දිනය නිමිත්තෙන්, රාජ්‍ය වෙසක් උත්සවය මැයි 27 වන දින මාතර තිහගොඩ පිහිටි මිදැල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලැබේ.

එම චක්‍රලේඛනය පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website