ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඉවත් කිරීමේ සූදානමක් – හිටපු සජබ මන්ත්‍රී එරාන්ට ලොකු පුටුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉවත් කරන ලෙස නියෝග කර ඇති බවත් ඔහු වෙනුවට රාජකීය විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හිටපු සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අතුරු කමිටුවකට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් dailymirror.lk වාර්තා කර ඇත.

“විවිධ අංශවලින් එල්ල වන පීඩනයට අනුකූලව, ජනාධිපති දිසානායක සිල්වාට හැකි ඉක්මනින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව දැනගන්නට ලැබේ” යැයි ඩේලි මිරර් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website