ප්‍රමාණවත් පහසුකම් දෙන්න බෑ – නාගරික ප්‍රදේශවලින් බැහැරව විශ්වවිද්‍යාල පිහිටුවීම ගැන තීන්දුවක් ගනී

නාගරික ප්‍රදේශවලින් ඈත්ව පිහිටි විශ්වවිද්‍යාල සඳහා අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම දුෂ්කර බවත්, එබැවින් නාගරික ප්‍රදේශවලින් ඔබ්බට විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳව අමාත්‍යාංශය සැලකිලිමත් වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේය.

විශ්වවිද්‍යාල යටිතල පහසුකම් පුළුල් කිරීමේ අභියෝග පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා මෙසේ පැවසීය: “දුරස්ථ ප්‍රදේශවල පිහිටි විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සැලකිය යුතු දුෂ්කරතා ඇති කරනවා. විශේෂයෙන් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් නේවාසික පහසුකම් සහතික කිරීමේ දී අපට දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. මේ පසුබිම තුළ අවශ්‍ය යටිතල පහසුකම් සහ සේවා නොමැති ප්‍රදේශවල විශ්ව විද්‍යාල පිහිටුවීම පිළිබඳව රජය සැලකිලිමත් වෙනවා. එවැනි ප්‍රදේශවල පවතින විශ්ව විද්‍යාලවලට පවා අවශ්‍ය පහසුකම් සැපයීම අපට අපහසුයි. එබැවින් අනාගතයේදී නාගරික ප්‍රදේශවලින් ඔබ්බට විශ්ව විද්‍යාල පිහිටුවීම පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා” කලුවැව මහතා වැඩි දුරටත් පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website