BRICS සංවිධානයට පිටුනොපෑවේ නම් රුසියානු තෙල් මීට පෙර ලැබෙනවා – නාමල් රාජපක්ෂ

බ්‍රික්ස් සමඟ ශ්‍රී ලංකාව වැඩිපුර සම්බන්ධ වූයේ නම්, ශ්‍රී ලංකාවට බොහෝ කලකට පෙර රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට හැකියාව තිබුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

උත්සවයක් අමතමින් ඔහු පැවසුවේ 2024 දී ශ්‍රී ලංකාවට බ්‍රික්ස් සමුළුවට ආරාධනා කළ විට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට සහභාගී විය යුතුව තිබූ බවයි.

“නමුත් ජනපතිවරයා බ්‍රික්ස් සමුළුව හිතාමතාම මග හැරියා. ඒ ගැන රුසියාව දැඩිව කණස්සල්ලට පත් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. රුසියාවට මේ ආකාරයෙන් පිටුපෑ ජනාධිපතිවරයා යළි රුසියාව පිටුපස යාම කණගාටුවට කරුණක්” නාමල් රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website