ආර්ථිකය වසා දැමීමක් හෝ අකුළා ගැනීමක් සිදු කිරීමට බලාපොරොත්තුවක් රජයට නොහැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ, රජය සහ සමාගම් වියදමේ කොටසක් දරාගනිමින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැවසුවේය.
මෙම මිල සංශෝධනය සිදු නොකළහොත් එය ඉදිරියේදී සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරය යුද තත්ත්වය හමුවේ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කරගනිමින් අඛණ්ඩ බලශක්ති සැපයුම තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව ද අවධාරණය කළේය.
නැව් ගමනාගමනයට ඇති බාධා සහ ඉන්ධන මිලදී ගැනීමේදී ගෙවිය යුතු අතිරේක (premium) ගාස්තු ඉහළ යාම ද වත්මන් මිල ඉහළ දැමීමට හේතුවක් වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩු කරමින් දෛනික ජීවිතයේ අනවශ්‍ය පරිභෝජනය සීමා කරන ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
















