අපි ඉතාම පැහැදිලිව මේ රටේ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ කියන්නේ බහුතර මතවාදය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි අනෙක් ආගම්වලට සහ ජනවර්ගවලට අපි අසමාන ලෙස සලකනවා කියලා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නවා. කවුරු මොනවා කිව්වත් 1978 ව්‍යවස්ථාව කියලා කියන්නේ ඉතාම ඉදිරිගාමී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒක නරක එකක් නෙමෙයි. ඒ වගේම මේ රටේ ජාතිකත්ව මතවාදයට පහර දීමට අපි තදින් විරුද්ධයි.
ලංකාවේ දේශාලනයේ මේ මොහොතේ වෙමින් තිබෙන්නේ කුමක් ද ?, සර්වජන බලය වත්මන් දේශපාලන තත්ත්වය දකින්නේ කෙසේ ද ?
මුලින්ම කියන්න ඔ්නෑ ජාතික ජන බලවේගය, එහෙම නැතිනම් මාළිමාව බලයට පත්වීම දේශපාලන විකෘතියක්. මේ ආණ්ඩුව බලයට පත්වෙන්නේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාව කියවපු නිසාවත්, මාළිමාව රට සංවර්ධනය කරයි කියලා ජනතාව විශ්වාස කළ නිසාවත් නෙමෙයි. මේ ආණ්ඩුව බලයට පත් වුණේ 2022 අරගලයට නිසා. රට බංකලොත් වුණාට පස්සේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වුණාට පස්සේ ජනාධිපති ධුරයට පත් වුණ රනිල් වික්‍රමසිංහ මහත්තයට රාජ්‍ය ස්ථාවර කරන්න අවශ්‍ය වුණා. රාජ්‍ය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය එතුමා විසින් බේර ගත්තා, නමුත් විධායක බිඳ වැටුණා. විධායක බිඳ වැටුණට පස්සේ ව්‍යවස්ථාදායකත් බිඳ දමන්න තමයි වර්තමාන ආණ්ඩුවට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේ. ජවිපෙට වුවමනා වුණේ පාර්ලිමේන්තුවට ගිනි තියන්න. අපි පසුගිය කාලේ දැක්ක බංග්ලාදේශය වාගේ ආරාජික තත්ත්වයක් නිර්මාණය කරන්න. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තට පුළවන් වුණා රාජ්‍යය ආරක්ෂා කර ගන්න. රාජ්‍ය ආරක්ෂා කර ගන්න නම් බිඳ වැටී තිබුණ ආර්ථිකය යළි ස්ථාවර කිරීම අනිවාර්ය කොන්දේසියක් වුණා. ඒ වගේම දරිද්‍රතාවයට පත් ජනතාවගේ ආර්ථික තත්ත්වය යළි ඔසවා තබන්න, ඔවුන් බලාකියා ගන්න සිදු වුණා. මේ මූලික අරමුණු ඉටුකර ගැනීමේ ගමනක් තමයි ආණ්ඩුවට යන්න වුණේ. මේ ගමන යන්න නම් බදු ඉහළ දැමීම අනිවාර්ය කොන්දේසියක් වුණා, ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීම, ආදායම් බදු ඉහළ දැමීම වැනි ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට ජනාධිපතිවරයාට සිදු වුණා. මේ පසුබිම තුළ ජනතාව කලින් ගත කළ ජීවන රටාව සියලුම ජනතාවට අහිමි වුණා. තනි තනි පුද්ගලයින්ගේ පවා කලින් තිබුණ ආර්ථික රටාව අහිමි වුණා. මේ අතර ජන ජීවිතය බිඳ වැටුණා. මේ නිසා ජනතාව විශාල වේදනාවට පත් වුණා, ආවේගයට පත් වුණා. මේ සමඟ මිනිස්සු විකල්ප ගැන හිතන්න පටන් ගත්තා. නමුත් කේන්තියෙන් ඉන්න වෙලාවට ප්‍රශ්නවලට නිවැරදි උත්තර හොයන්න බැහැ. මිනිස්සු හිටියේ දැඩි ආවේගයෙන්, කේන්තියෙන්. ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ මේ ආවේගය බලයට එන්න පාවිච්චි කළා. ඔවුන් බලයට ආයේ ‘හොරු අල්ලනවා’, හොරා කාපු ධනය යළි රටට ගේනවා’ කියලා පොරොන්දු දුන්නා. මේක තනිකරම වෛරී දේශපාලනය මත පදනම් වුණා. ඔවුන් තවත් ආකර්ෂණීය පොරොන්දුවක් දුන්නා. අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු ඉවත් කිරීම, පාසල් උපකරණවල බදු ඉවත් කිරීම, විදුලි බිල 30%කින් අඩු කිරීම හරහා ජනජීවිතය උසස් කරලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදනවා කියලා ඔවුන් පොරොන්දු වුණා. නමුත් මේ වන විට මේ පොරොන්දු දෙකම ඉටුකරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ.
ඔබට අනුව මේ ආණ්ඩුව හිමි අනන්‍යතාව කුමක් ද ?
මීට පෙර වාමාංශික පක්ෂවල සහාය ලැබුණු ආණ්ඩු ගණනාවක් බලයට පත් වුණා. ඒ සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වාමාංශික පක්ෂ සන්ධාන ගත වුණා. 1956 බණ්ඩාරනායක ආණ්ඩුව, 1960 ජූලි ආණ්ඩුව, 1970 සමගි පෙරමුණු ආණ්ඩුව වගේම 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවටත් ඍජුව වාමාංශික පක්ෂවල සහාය ලැබුණා. 2005 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට, 2015 යහපාලන ආණ්ඩුවට ඍජුව ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලැබුණා. නමුත් ලංකාවේ තනි මධ්‍ය වාමාංශික ආණ්ඩුවක් බලයට පත් වුණේ 2024 දී. ඒක තමයි වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුව. නමුත් මේ ආණ්ඩුව බලය පත් වුණේ වාමාංශික ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවලා නෙමෙයි. ඒක සිද්ධ වුණේ රට බංකලොත් වීමෙන් ඇති වුණ ජනතා ආවේගය මත. කොහොම බලයට පත් වුණත් මධ්‍ය වාමාංශික ආණ්ඩුවක් පොදු ජනතාව වෙනුවෙන්, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ආදායම් විෂමතාව අවම කරන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි, වැඩ කළ යුතුයි. නමුත් මේ ආණ්ඩුව මේවා ගැන හිතලවත් නැහැ. ඒවා කරන්න පුළුවන් තරම් ධාරිතාවක්, චින්තනයක් මේ ආණ්ඩුවට නැහැ.
පොදු ජනතාවට මොනවද ලැබුණේ ?. මේක පොදු ජනතාවගේ යුගයක්, පුනරුද ආණ්ඩුවක් කියලා කිව්වට පොදු ජනතාවට තමයි කිසිම දෙයක් නොලැබුණේ. ඔවුන් බලයට ආවේ බොරු කියලා, කරන්න බැරි දේවල් කියලා. අද පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය හමස් පෙට්ටියට දාලා තියෙන්නේ. ඒකේ පොරොන්දු 1329ක් තියෙනවා. අද වෙන කොට මේ පොරොන්දුවලින් 10%ක්වත් ඉටුකරලා නැහැනේ. මේ පොරොන්දු ගැන අද ජනාධිපතිවරයාට, ආණ්ඩුවට කිසිම මතකයක් නැහැ.

ඔබ කියන්නේ මේ ආණ්ඩුවෙන් පොදුජනතාවට කිසිම සෙතත් නොලැබුණු බව ද ?
ඔව්, පොදු ජනතාවට මොනවද ලැබුණේ ?. මේක පොදු ජනතාවගේ යුගයක්, පුනරුද ආණ්ඩුවක් කියලා කිව්වට පොදු ජනතාවට තමයි කිසිම දෙයක් නොලැබුණේ. ඔවුන් බලයට ආවේ බොරු කියලා, කරන්න බැරි දේවල් කියලා. අද පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය හමස් පෙට්ටියට දාලා තියෙන්නේ. ඒකේ පොරොන්දු 1329ක් තියෙනවා. අද වෙන කොට මේ පොරොන්දුවලින් 10%ක්වත් ඉටුකරලා නැහැනේ. මේ පොරොන්දු ගැන අද ජනාධිපතිවරයාට, ආණ්ඩුවට කිසිම මතකයක් නැහැ.
ඔබ කියන්නේ වත්මන් ආණ්ඩුවට දැන් ප්‍රතිපත්තියක් නැහැ කියල ද ?
තියෙනවා, ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ගැන මම සතුටු වෙනවා. නමුත් මාළිමාවට ඡන්දය දුන්න ජනතාව මෙවැනි තත්ත්වයක් අපේක්ෂා කළේ නැහැ. මාළිමාව මැතිවරණයේ දී කිව්වේ රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නොත් රට ඉවරයි කියලා. නමුත් අද ඔවුන් ක්‍රියාත්මක කරන්නේ රනිල්ගේ වැඩපිළිවෙළම තමයි තමයි. ඒකේ අකුරක් වෙනස් කරලා නැහැ. එක අතකට ඒක එහෙම කරන එක හොඳයි. රට ස්ථාවර වන තෙක් රනිල් වික්‍රමසිංහගේ වැඩිළිවෙළ ක්‍රියාත්මක කිරීම හොඳ තත්ත්වයක්.
ආණ්ඩුව ජාතිවාදයට එරෙහිව තදින් කටයුතු කරනවා කියලා නිතරම අවධාරණය කරනවා. ඔබ මේ ගැන කුමක්ද හිතන්නේ ?
මේක ප්‍රති ජාතිකවාදී ආණ්ඩුවක්. ඔවුන් දෙමළ ඩයස්පෝරාව පිනවමින් තමයි දේශපාලනය කරන්නේ. ඒකට හේතුව තමයි ඔවුන්ට ඉදිරි මැතිවරණය ගැන විශාල භීතියක් තිබෙනවා. ආණ්ඩුව ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්නේ බහුතර සිංහල ජනතාවගෙන් සුළුතර ඡන්ද ප්‍රතිශතකයක් සහ සුළුතර ජනතාවගෙන් බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඉදිරි මැතිවරණවලින් බලයට පත්වීමයි. ඒ කියන්නේ බහුතරයෙන් සුළුතරයයි, සුළුතරයෙන් බහුතරයයි ඡන්ද අරගෙන තමයි ආණ්ඩුව ඉදිරියේ දී බලයට පත්වෙන්න සැලසුම් කරන්නේ. ඒ නිසා තමයි ජනාධිපතිවරයා සිංහල බෞද්ධ සංස්කෘතික වටිනාකම්වලට පහර දෙන්නේ, ඒවා නොසලකා හරින්නේ, සිංහල බෞද්ධ සම්ප්‍රදායන් ගැන නොතකන්නේ. මේක රටට හොඳ නැහැ. මේ ආණ්ඩුව බලයට පත් කිරීම ජනතාව කළ ඉතිහාසගත වරදක් කියලා මම යළි කියනවා.
ඔබ ද ඇතුළු විපක්ෂය මේ ආකාරයට චෝදනා කළත් විපක්ෂයට ආණ්ඩු බලය ගන්න වැඩපිළිවෙළක් නැහැ නේද ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩ කරන ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට ප්‍රසාදයක් නැහැ. එතුමා ආණ්ඩුව එක්ක තදින් අභිමුව වෙන්නේ නැහැ. ඇතැම් විට ඒක එතුමගේ දේශපාලන උපායක් වෙන්න පුළුවන්. අනෙක් කාරණය තමයි මේක ජනතාව විසින් 2/3කට අධික බලයක් දීලා බලයට පත් කළ ආණ්ඩුවක්. මෙවැනි තත්ත්වයක් තුළ විපක්ෂය යම්කිසි කාලයක් නිහඬ වෙනවා, ජනමතයට ගරු කරලා පස්සට වෙනවා. ඒ වගේම ආණ්ඩු බලය දරපු පක්ෂයක් මැතිවරණයකින් පරාජයට පත් වුණාට පස්සේ යළි යථා තත්ත්වයට එන්න සැලකිය යුතු කාලයක් ගන්නවා. මේ ආණ්ඩුව බලයට පත් වෙලා ගෙවී ගියේ කෙටි කාලයක් පමණයි. ‘මේ ආණ්ඩුවට තව ටික කාලයක් ඉඩදිය යුතුයි’ කියලා ජනතාව කියනවා. ඔවුන් ඒ ස්ථාවරයේ තව මාස හය හතක් ගත කරයි කියලා මම හිතනවා.
ඉන්ධන අර්බුදය කළමනාකරණය කරගැනීමට නොහැකි වුණොත් ජනතා විරෝධය ඉතා ඉක්මනින් පුපුරා යන්න පුළුවන්. මේකත් හරියට අලුත බැඳපු කසාදයක් වාගේ. අඩුපාඩු, දුර්වලතා දකින්න කාලයක් යනවා. ඒ ගියත් ටික කාලයක් ඉවසන්න වෙනවා. තව ටික දවසක් ඉවසන්න කියලා බාහිර සමාජය කියනවා. වැරදි හදා ගන්න ඉඩ දෙන්න කියලා කියනවා. ආණ්ඩුවකටත් එහෙම කාලයක් තිබෙනවා. ඒ කාලේ අවසන් වන තෙක් ඉන්න වෙනවා. වත්මන් ආණ්ඩුව සම්බන්ධ ජනමතයත් මේකට සමානයි. ආණ්ඩුවට එරෙහි ජනමතය තවම මෝරලා නැහැ, ශක්තිමත් තැනක නැහැ. නමුත් තව ටික කාලයකින් ඇත්ත තත්ත්වය හෙළි වෙයි.

වත්මන් අර්බුදය තුළත් ජනතාව ආණ්ඩුව ආරක්ෂා කරයි කියලා ඔබ හිතනවාද ?
ඔව්, ඉන්ධන අර්බුදය කළමනාකරණය කරගැනීමට නොහැකි වුණොත් ජනතා විරෝධය ඉතා ඉක්මනින් පුපුරා යන්න පුළුවන්. මේකත් හරියට අලුත බැඳපු කසාදයක් වාගේ. අඩුපාඩු, දුර්වලතා දකින්න කාලයක් යනවා. ඒ ගියත් ටික කාලයක් ඉවසන්න වෙනවා. තව ටික දවසක් ඉවසන්න කියලා බාහිර සමාජය කියනවා. වැරදි හදා ගන්න ඉඩ දෙන්න කියලා කියනවා. ආණ්ඩුවකටත් එහෙම කාලයක් තිබෙනවා. ඒ කාලේ අවසන් වන තෙක් ඉන්න වෙනවා. වත්මන් ආණ්ඩුව සම්බන්ධ ජනමතයත් මේකට සමානයි. ආණ්ඩුවට එරෙහි ජනමතය තවම මෝරලා නැහැ, ශක්තිමත් තැනක නැහැ. නමුත් තව ටික කාලයකින් ඇත්ත තත්ත්වය හෙළි වෙයි. ඒ දවස එනතෙක් විපක්ෂයට තමන්‌ගේ අඩුපාඩු හදාගන්න පුළුවන්, සංවිධාන ව්‍යුහය යළි ශක්තිමත් කරන්න පුළුවන්. මැතිවරණයක් ආසන්න වන තත්ත්වයක් තුළ තමයි සන්ධානගත වීම, හවුල් ආණ්ඩු පිහිටුවීමට යාම වගේ කතා සාකච්ඡා වෙන්නේ.
මේ දේශපාලන තත්ත්වය තුළ සර්වජන බලය ස්ථානගත වෙන්නේ කොහොම ද ?
අපි ඉතාම පැහැදිලිව මේ රටේ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ කියන්නේ බහුතර මතවාදය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි අනෙක් ආගම්වලට සහ ජනවර්ගවලට අපි අසමාන ලෙස සලකනවා කියලා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නවා. කවුරු මොනවා කිව්වත් 1978 ව්‍යවස්ථාව කියලා කියන්නේ ඉතාම ඉදිරිගාමී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒක නරක එකක් නෙමෙයි. ඒ වගේම මේ රටේ ජාතිකත්ව මතවාදයට පහර දීමට අපි තදින් විරුද්ධයි. නමුත් මේ ආණ්ඩුව ඒක කරනවා. අපි අපේ සභ්‍යත්වය වෙනුවෙන්, උරුමයන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඉන්දිය අගමැති මෝදි, එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් කරන්නේ ඒක. අපි සියලුම ජනවර්ග වලට සමජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදනවා අපි අපේ ඉතිහාසයට ලබාදිය යුතු තැන ලබා දෙනවා. මේ රට ශිෂ්ටාචාරගත කළ මිනිස්සුට ඒ වටිනාකම, පිළිගැනීම ලබාදිය යුතුයි. බුදු දහම ආරක්ෂා කර පෝෂණය කළ යුතුයි කියන ස්ථාවරයේ අපි දැඩිව ඉන්නවා. ඒ වගේම අපි විවෘත වෙළෙඳපොළ ක්‍රමය පිළිගන්නවා. ඒත් සමහර ක්ෂේත්‍රවලට යම් යම් රාජ්‍ය මැදිහත් වීම් අවම වශයෙන් අවශ්‍ය බව අපි විශ්වාස කරනවා. විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි සේවා වලදී රාජ්‍ය මැදිහත් වීම අපි පිළිගන්නවා. අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට කිසියම් රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. නමුත් හැකි තරම් ආණ්ඩුව ව්‍යාපාර කරන එකෙන් ඈත් වෙලා, ව්‍යවසායකයින්ට ඉඩ දිය යුතුයි, නිර්බාධ ක්‍රමයට ඉඩදිය යුතුයි කියලා සර්වජන බලය පිළිගන්නවා.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 මාර්තු 22 වැනිදා කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
















