විපක්ෂය අද (19) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඉදිරිපත් කළේය.
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක ගල් අඟුරු ප්‍රසම්පාදනය සහතික කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා තම මූලික රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, තීරණාත්මක ජාතික බලශක්ති වත්කමක් අධීක්ෂණය කිරීමේදී එවැනි දැඩි නොසැලකිලිමත්කමක් අමාත්‍යවරයෙකුගේ වගකීම මූලික වශයෙන් උල්ලංඝනය කිරීමක් බවත් යෝජනාවේ සඳහන් වන බව වාර්තා වේ.
සීමාසහිත ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස සේවය කරමින් සිටියදී “දූෂණ ක්‍රියාවක්” සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් බලශක්ති අමාත්‍යවරයාට කොළඹ මහාධිකරණය හමුවේ විධිමත් ලෙස චෝදනා එල්ල කර ඇති බව ද මෙම යෝජනාවේ සඳහන් වේ.
මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වන දින පෙ.ව. 11.30 සිට ප.ව. 05.30 දක්වා විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු කමිටුව තීරණය කර ඇත.
















