හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී සැත්කමකට භාජනය වී ඇති බව රවී කරුණානායක මහතා අද (19) පාර්ලිමේන්තුවට පැවසුවේය.
වරාය නගර කොමිෂන් සභා පනතේ රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී මන්ත්‍රීවරයා මේ බව හෙළි කළේය. හිටපු ජනපතිවරයාට කළ සැත්කම සාර්ථක වූ බව තහවුරු කළ කරුණනායක මහතා වික්‍රමසිංහ මහතාට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කළේය.
















