ගෝලීයව උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට ආරක්ෂාව හා සාමය පවත්වා ගෙන යාමට බාධා විය හැකි සිදුවීම් වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කරමින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
ඒ අනුව තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, එම නිල නිවාස හා එම ආයතනවලට සම්බන්ධ අනෙකුත් ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සකස් කළ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමින් නැවත දැනුම් දෙන තුරු ආරක්ෂක වැඩපිළිවෙළට අනුව ක්‍රියාත්මක වන ලෙසත් පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.
මෙරට සංචාරයේ නියුතු හා රැඳී සිටින විදෙස් ජාතිකයන්ගේ / ඔවුන්ගේ දේපළ සහ රැඳී සිටින වාසස්ථානයන්හි ආරක්ෂාව ව්‍යාපාරික ස්ථාන, සංචාරක ස්ථාන / ගමනාන්ත හා නේවාසික ගොඩනැගිලි, ආගමික මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයන් / දේපළ වල ආරක්ෂාව ද තහවුරු කිරීම සඳහා පැය 24 ම ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
මෙම ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී ත්‍රිවිධ හමුදා සහාය අවශ්‍ය නම් ඒ සඳහා ද පියවර ගැනීම සඳහා උපදෙස් ලබා දී ඇත.















