2026 ජනවාරී මාසයේ දී වාහන ආයනයන වියදම් පහළ වැටීම, සංචාරක සහ විදේශ ප්‍රේෂණ ඉහළ යාම ඇතුළු ධනාත්මක ප්රවණතා ගණනාවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි.
2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2026 ජනවාරි මාසයේදී පුද්ගලික සහ වාණිජ වාහන ඇතුළු වාහන ආනයනය පහත වැටී ඇත.2025 දෙසැම්බර් මාසයේ දී වාහන ආනයනය වෙනුවේ ඩොලර් මිගියන 301ක් වැය වූ අතර 2026 ජනවාරී මාසයේ දී එම අගය ඩොලර් මිලියන 224 දක්වා තියුණු ලෙස පහත වැටී ඇත.
මේ අතර 2026 ජනවාරි මාසයේදී සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 378ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව පවසන මහ බැංකුව 2026 ජනවාරි මාසයේ දී විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 751ක් වූ අතර එය පසුගිය වසරේ ජනවාරී මාසයට සාපේක්ෂව සියයට 31.1ක කැපී පෙනෙන වැඩිවීමක් බව පවසයි.
2026 ජනවාරි මාසයේදී රජයේ සුරැකුම්පත් වෙළඳපොළට විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 17ක ශුද්ධ ගලා ඒමක් වාර්තා වී ඇති අතර ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු ඇතුළුව කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) විදේශ ආයෝජන 2026 ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 22ක ශුද්ධ පිටතට ගලා යාමක් වාර්තා කර ඇත.
මහජන චීන බැංකුව (PBOC) සමඟ හුවමාරු පහසුකම ඇතුළුව දළ නිල සංචිත (GOR) 2026 ජනවාරි මස අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක් ලෙස වාර්තා වූ බව ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.















