ව්‍යපෘති 310ක් වෙනුවෙන් ඇ.ඩො. මිලියන 3,397.1ක සෘජු විදේශ ආයෝජන 2024.10.01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසීය.
මේ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ව්‍යපෘති 215 කින් ඇ.ඩො. මිලියන 2,712 ක් ද, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (CPCEC) යටතේ ව්‍යපෘති 95කින් ඇ.ඩො. මිලියන 685.1 ක්ද මෙලෙස ආයෝජන ලෙස ලැබී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතා විසින් ඉදිරිපත් කරන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘති කෘෂිකර්මාන්තය, ඇඟලුම්, යටිතල පහසුකම්, දැනුම පදනම් කරගත් සේවා, නිෂ්පාදන, සේවා, සංචාරක සහ විවේක කටයුතු මෙන්ම උපයෝගීතා සේවා යන ක්ෂේත්‍රවලත්, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (CPCEC) යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘතිවලින් 24ක් තොරතුරු තාක්ෂණය, උපදේශන සේවා, ආපනශාලා, තොග වෙළඳාම සහ සේවා මෙන්ම ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීම (BPO)යන ක්ෂේත්‍රවලත් සිදුවෙයි.















