දිට්වා සුළි කුණාටුවට අද (28) මාස තුනක් සපිරේ. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (28) දින නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව අද දිනය වන විට දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ පවුල් 64,901ක පුද්ලගයින් 222044ක් සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් වලින් පුද්ගලයින් 680 දෙනකු මරණයට පත්ව ඇති අතර අද දක්වා පුද්ගලයින් 154 දෙනකු අතුරුදන්ව සිටී.
2026 පෙබරවාරී 28 වන දින විට සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 5933ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 115,501කි.
අද (28) දින වන විටත් ආරක්ෂිත නිවාස 32ක පවුල් 1075ක් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) දින නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සඳහන් වේ.
අදාළ වාර්තාව පහත දැක්වේ.
















