2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට දින 90ක් රඳවා තබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබේ.
පසුගිය පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට පත්වූ ඔහු පළමුව පැය 72ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.
2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයක දී සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල කොටසක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා හිටපු බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට ගත්තේය.
දින 90ක් රඳවා තබා ගැනීම ජාතික ආරක්ෂක විමර්ශනවලට අදාළ නීතියේ විධිවිධාන යටතේ විමර්ශකයින්ට හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ සලසන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.















