අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත හයවන ශ්‍රේණිය සඳහා නව ඉගෙනුම් මොඩියුල අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේය.
නව මොඩියුලවල අවසන් සමාලෝචනය සහ ඇගයීම් ක්‍රියාවලිය දැනටමත් සිදුවෙමින් පවතින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
යාවත්කාලීන කරන ලද විෂය මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවරුන් දැනුවත් කිරීම සහ සූදානම් කිරීම සඳහා ඉදිරි දිනවලදී විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් දියත් කරන බව කී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලබන වසරේ සිට දිවයින පුරා පාසල්වල හයවන ශ්‍රේණියේ සිසුන් සඳහා මෙම නව අධ්‍යාපන මොඩියුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද කීවේය.
















