මෙට්‍රික් ටොන් 10,500ක් රැගත් ගෑස් නෞකා තුනක් ඉදිරි දින අට තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසීය.
ලිට්‍රෝ සමාගම දැනට දිවයින පුරා අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කරමින් සිටින බව කී සභාපතිවරයා ලිට්‍රෝ සමාගම සාමාන්‍යයෙන් දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 1,100ක් වෙළඳපොළට නිකුත් කළ ද, බෙදා හැරීමේ පරිමාව මේ වන විට මෙට්‍රික් ටොන් 1,500 දක්වා වැඩි කර ඇති බව ද සඳහන් කළේය.















