නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගෙන් හෙළිදරව්වක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය මුල සිට ආරම්භ කිරීම අවශ්‍ය නොවන බවත්, ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් ලබා දිය නොහැකි වුව ද අතීතයේ සකස් කරන ලද කෙටුම්පත් මත පදනම්ව වැඩ කටයුතු කරගෙන යා හැකි බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශය කළේය.

ඒ අනුව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවට ජාතික ජන බලවේගය විසින් ලබා දුන් පොරොන්දුව ඉටු කරන බවට අමාත්‍යවරයා සහතික විය.

කෙසේ වෙතත්, මුල සිට ආරම්භ කිරීම අවශ්‍ය නොවන බවත්, අතීතයේ විවිධ කෙටුම්පත් සහ ලේඛන දැනටමත් සකස් කර ඇති බැවින් ඒවා මත පදනම්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු දිගටම කරගෙන යා හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන නීති කෙටුම්පත ද පෙර කෙටුම්පත් මත පදනම්ව සකස් කර ඇති බවත් ඔහු පැවසීය.

ඒ සමඟම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු අතීත කෙටුම්පත් මත පදනම්ව සිදු කරනු ලැබුව ද, මේ සඳහා වන කාල රාමුව පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website