හමුදා නිලධාරීන් පිරිසකට ද දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණයට විරෝධය පා අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කළ බව ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් දිමුතු එදිරිසිංහ මහතා පැවසුවේය.
දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදී දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකට ද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරන් මෙලෙස දුම්රිය සේවාවාරවලින් ඉවත් වීමට තීරණය කළ බව එදිරිසිංහ මහතා පැවසුවේය.
මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැති දීර්ඝ සාකච්ඡා අසාර්ථක වූ බැවින් අද සවස ලොකෝමොටිව් ඉංජිනේරුවන්ගේ විධායක කමිටු රැස්වීමක් පැවැති අතර එහිදී අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාවාරවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කළ බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.















