අරගලයය සහභාගී වූ තරුණයින් ආරක්ෂා කරන බවට පොරොන්දු වූ අය දැන් බලය භුක්ති විඳින බවත්, අරගලයට සහභාගී වූ තරුණයින් “එල්ලුම් ගහට ගිය” බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඇතැම් කණ්ඩායම් තරුණයින් යොදා ගත් බවට ඔහු චෝදනා කළේය.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
අරගලය සම්බන්ධ වූ තරුණයින්ටඋපදෙස් දුන්, මාධ්‍යවල පෙනී සිටි සහ තරුණයින් ආරක්ෂා කරන බවට පොරොන්දු වූ අය දැන් බලය භුක්ති විඳින බවත්, අරගලයට සහභාගී වූ තරුණයින් “එල්ලුම් ගහට ගිය” බවට නාමල් චෝදනා කළේය.
සහල් වෙළඳාමට අදාළ ගැටලු පිළිබඳව ද නාමල් කතා කළ අතර, ඊනියා “සහල් මාෆියාව” දැන් දේශීය ගොවීන්ට වඩා සහල් ආනයනකරුවන් සමඟ සම්බන්ධ වී ඇති බව ඔහු පැවසුවේය.
“ශ්‍රී ලංකා පොදජන පෙරමුණ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ඔවුන් වෙනුවෙන් කතා කරනවා”නාමල් අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධ අධිකරණ තීන්දුවක් ගැන සඳහන් කරමින් නාමල් පැවසුවේ අධිකරණය ස්වාධීනව කටයුතු කර යුක්තිය ඉටු කර ඇති බවයි.
“කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල ඇතැම් පුද්ගලයින් තවමත් ප්‍රසිද්ධියේ මෙම ඝාතනය සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම ගැන මම කනස්සල්ල පත්වෙනවා. ඒ වගේම තමයි මෙම විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ යැයි කියන විදේශීය අරමුදල් පිළිබඳව පුළුවන් නම් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස මම රජයට අභියෝග කරනවා.මේ අරගලයට විදේශ මුදල් ලැබී ඇති බවට පැහැදිලි සාධක තිබෙනවා” නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පෙන්නා දුන්නේය.















