
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (27) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරඟයෙන් ලකුණු 53ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව 1/2ක් ලෙස එංගලන්ත කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් පරාජය වුණේ වසර 5කට පසුව වීමත් කැපී පෙනේ.
දෙපිළටම තීරණාත්මක තුන්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ තීන්දුවේ කොතරම් නිවැරදිදැයි තහවුරු කරමින් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 දී කඩුළු 03කට ලකුණු 357ක් රැස් කළේය.
මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී රැස්කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටය.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ජෝ රූට් සිය එක්දින දිවියේ 20වැනි ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 111ක් ලබා ගත් අතර නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ හැරී බෘෘක් සිය එක්දින දිවියේ මංගල ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 136ක් ලබා ගත්තේය. හැරී බෘෘක්ගේ ඉනිම හතරේ පහර 11ක් සහ එයේ පහර 9කින් වර්ණවත් විය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.4ක දී සියලු දෙනාම දැවී ලකුණු 304ක් ලබා ගත්තේය.
ලකුණු 358ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාර ඇරඹු අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට වේගවත් ලකුණු 48ක් රැස්කළේය.
















