අම්බන්ගොඩ සුනාමිවත්තේ සාදයක් අතරතුර වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර අද (27) රාත්‍රියේ  සිදු කළ තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සහන් කළේය.

මියගොස් ඇත්තේ ගලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 28 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතු මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බව සැකකරන බවත් පවසන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website