
තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (13) නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම ඝාතනය දැඩි ලෙස හෙළා දුටු අතර, එය නීතියේ ආධිපත්‍යයට එල්ල වූ බරපතල තර්ජනයක් හැඳින්වීය.
සම්පූර්ණ හා කඩිනම් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් ප්‍රමාදයකින් තොරව නීතිය හමුවට පමුණුවන ලෙසත් අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ස්ථිර පියවර ගන්නා ලෙසත් නීතිඥ සංගමය බලබධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
මේ අතර තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (13) නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.












