හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් 2025 සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

පෙබරවාරී 17 වැනි දින පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් පාර්ශ්වයන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ එම පුද්ගලයින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.drp.gov.lk දරන වෙබ් අඩවියට පිවිස එම තොරතුරු තහවුරු කිරීමේ ලිපි බාගත කිරීමේ පහසුව සලසා දී ඇති බවය.

යම් විභාග අපේක්ෂකයෙකු වේ නම් ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳා පමණක් හෙට (14) වැනි සෙනසුරාදා දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල ශාඛාවන් පෙරවරු 08.30 සිට පස්වරු 12.30 දක්වා විවෘතව තැබීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website