පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රියේ ලූනු අතුල්ලලා: නාකොටික් නිලධාරීන් තිදෙනාට බරපතළ වැඩ සහිත සිර දඬුවම්

කටුනායක ප්‍රදේශයේ ඇඳුම් මසන්නෙකුගේ ලිංගේන්ද්‍රියේ ලූනු අතුල්ලා අමානුෂික ලෙස පහර දීමේ චෝදනාවලට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු කවින්ද්‍යා නානායක්කාර වසර හත බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළා ය.

2018 නොවැම්බර් 20 වන දා හෝ ඊට ආසන්න දිනයක විත්තිකරුවන් මෙම අපරාධය කර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි තීරණය කරමින් විනිසුරුවරිය විත්තිකරුවන්ට මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළා ය.ෙ

මෙලෙස දඬුවම් නියම වූයේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ අසංග රමේෂ් අමරසිංහ සහ පොලිස් කොස්තාපල්වරුන් වන අරුණ දිනේෂ් හා තිළිණ උදයංග සෙනෙවිරත්න යන තිදෙනාට ය.

දීර්ඝ නඩු විභාගයේදී වින්දිත පුද්ගලයා විසින් විත්තිකරුවන් ඔහු කෲරත්වයට ලක් කළ ආකාරය පැහැදිලිව සඳහන් කරනු ලැබ ඇතැයි සිය තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරිය වින්දිත පුද්ගලයාට මෙලෙස පහර දී ඇත්තේ විත්තිකරුවන් විනා අන් පුද්ගලයෙකු නොවන බව සාක්ෂිවලින් මනාව පැහැදිලි වී ඇතැයි ද තීන්දු කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website