ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට – සේවා යළි ඇරඹේ

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේය.

තාක්ෂණික දෝෂ හේතුවෙන් ඊයේ (12) තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බව ද ඔහු පැවසුවේය.

මේ වන විට ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බවත් ගමන් බලපත්‍ර, එක්දින ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතින බවත් කරුණාදාස සඳහන් කළේය.

කඩිනමින් නිකුත් කළ යුතු සහ ඉතාම අත්‍යවශ්‍ය සැපයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි  පැවසූ ඔහු දෙපාර්තමේන්තුවේ ශාඛා ජාලයන්හී කටයුතු ද මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website