ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07දෙනෙකුගෙන් සමන්විතය.

මේ වන විට පැවැත්වෙන සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස,  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක,  ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි, හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ යන මහත්වරු සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website