සාමාන්‍ය ජනතාව විසින් මෙහෙයවනු ලබන වැටුපක් ලබා නොගෙන සිදු කරන වැඩ අගය කරනවා – අගමැති හරිනි

සාමාන්‍ය ප්‍රජාවන් විසින් මෙහෙයවනු ලබන වැටුපක් ලබා නොගෙන සිදු කරන වැඩ අගය කරන බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

ජනතාවගේ ජීවිත ගොඩනැගීමට රැකියා අවශ්‍ය බවත්, අපගේ ආර්ථිකය සැලසුම් කිරීමේදී සියල්ල ඇතුළත් සහ ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයන් හරහා එම අරමුණ පිළිබිඹු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළාය.

“නැගී එන වෙළෙඳපොළවල රැකියා අර්බුදයක්?” යන තේමාව යටතේ ඊයේ (21) පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අගමැතිනිය මෙම අදහස් ප්‍රකාශ කළාය.

සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි අභියෝගවලට මුහුණ දෙන අතරතුර කුසලතා සංවර්ධනය, නව්‍ය රැකියා ආකෘති සහ ව්‍යවසායකත්වය භාවිතා කරමින් එම අභියෝගවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න සහ රැකියාව ලෙස අර්ථ දක්වන දේ නැවත සිතා බැලීම සහ එයට වටිනාකමක් ලබා දීම පිළිබඳව සාකච්ඡාව අවධානය යොමු කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website