දියගම වනාන්තරය සුරකිමු – හර්ෂ ද සිල්වාගෙන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

කොළඹට ඉතා සමීපව පිහිටි අවසන් පහතරට වැසි වනාන්තර කැබලි කිහිපයෙන් එකක් වන දියගම වනාන්තරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු හර්ෂ ද සිල්වා අද (22) පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේය.

හෝමාගම ප්‍රදේශයේ පිහිටි අක්කර 50කින් සමන්විත මෙම වටිනා භූමිය, වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින රතු උණහපුළුවා, කළු වඳුරා, අඳුන් දිවියා ඇතුළු සත්ව විශේෂ 220කට වැඩි ප්‍රමාණයකට සහ දේශීය ශාක හා පක්ෂීන් රැසකට නිවහනක් එපමණක් නොව, බොල්ගොඩ ගංගා පද්ධතිය පෝෂණය කරමින් අවට ප්‍රජාව ගංවතුරෙන් ආරක්ෂා කිරීමට ස්වභාවික බාධකයක් ලෙසත් ක්‍රියා කරන බව හර්ෂ ද සිල්වා පැවසුවේය.

සංවර්ධනයේ නාමයෙන් මෙම වනාන්තරය විනාශ වීමට අපට ඉඩ දිය නොහැකි බව කී ඔහු මෙම යෝජනාව මගින් පහත සඳහන් කරුණු ඉදිරිපත් කළේය.

  • එහි සිදුවන සියලුම නිෂ්කාශන කටයුතු වහාම නතර කරන්න.
  • සත්ව හා ශාක ආරක්ෂක ආඥා පනත යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට නතු වූ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස මෙය වහාම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න.

අපගේ ජෛව විවිධත්වය වෙනුවෙන්, ගංවතුරෙන් ආරක්ෂා වීම වෙනුවෙන් සහ අනාගත පරපුර වෙනුවෙන් දියගම වනාන්තරය රැකගැනීම වැදගත් බව ද හර්ෂ ද සිල්වා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website