ජාඇල සහ කොළඹ ආශ්රිත ප්‍රදේශවල යතුරු පැදි යොදා ගනිමින් මහා මාර්ගයේ රේස් පැදීම වැඩි වශයෙන් වාර්තා වී ඇතැයි ද එම ක්‍රියා වහාම නවත්වන ලෙස අදාළ යතුරුපැදිකරුවන්ගෙන් සහ සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේය.
“යතුරු පැදි තියෙන්නේ තමන්ට ගමන් පහසුව සඳහා මිසක් ප්‍රධාන මාර්ගවල රේස් පදින්නවත් සහ මේ පදිකයෝ අනතුරට පත් කරන්නවත් සහ විනය ගරුකව, නීති ගරුකව වාහනයක් පදවන රියදුරන්ව ගිහිල්ලා ඒ අය අපහසුතාවයට පත් කරන්නත් නෙමෙයි. විශේෂයෙන් මේ තරුණයන්ගේ නැගී එන රැල්ල, මේක ඉතා භයංකාරයි,” ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා, “මෙච්චර අනතුරු වෙනවා, මෙච්චර මාර්ග අනතුරු වෙද්දි මේ වගේ නොසැලකිල්ලෙන් මේ ආකාරයට බරපතල ලෙස රථ වාහන නීතිය උල්ලංඝනය කරමින්, රටේ නීතිය උල්ලංඝනය කරමින්, විශේෂයෙන්ම අපි ප්‍රකාශ කළා මහජනතාව වුණාම නීතියට ගරු කළ යුතුයි, නීතිය කඩන්න බය වෙන්න ඕන. මේවා කිසිම දෙයක් සැලකීමක් නැහැ. යතුරු පැදි සම්බන්ධයෙන්, හෙල්මට් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා, හයි කැපෑසිටි බයික් සම්බන්ධව, අන්තරයකාරී, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. එසේම වයස අවුරුදු 18ට අඩු තරුණයින් ඒ වාහනවල ගමන් කරනවා නම් ඒවාත් දීපු අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. මා මෙහිදී තවත් වැදගත් කරුණක් පැහැදිලි කළ යුතුයි. මෙවැනි වැරදි හඳුනා ගැනීමට පොලිසිය මෙහෙයුම් තීව්ර කර තිබනවා. එලෙස නීතියට අනුකූල නොවන ලෙස යතුරු පැදි ධාවනය වහාම නවතා දමන ලෙස තරුණයින්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා”.












