සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ‘හුස්ම වැඩසටහන’ යටතේ රෝහල් වෙත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබා දීමේ තවත් එක් අදියරක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (12) සාර්ථකව අවසන් විය.
ඒ අනුව රත්නපුර කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ කොලොන්න මූලික රෝහලට ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම අද සිදු විය. ඒ යටතේ Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් පරිත්‍යාග කරන ලදී.













