අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා රුපියල් ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය අද (9) නියෝග කළාය.
ඩග්ලස් දේවානන්ද මහතා ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහසේත්‍රාත්වරිය එම ශරීර ඇප ළඟම ඥාතීන් විය යුතු බවට නියම කළ අතර විත්තිකරුට විදෙස් ගමන් තහනමක් ද පැනවූවා ය.
2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනි අවියක් 2019 වසරේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදු කරන විමර්ශනවලදී ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේය.













