උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

පොල්පිතිගම – තලාකොළවැව ප්රදේශයේදී පුද්ගලයෙකුට උදැල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (30) රාත්රී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය (29) වන දින තලාකොළවැව ප්රදේශයේ පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වූ බව පවසමින් රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුර මියගොස් ඇත. මෙය සාමාන්ය මරණයක් බව මුලින් හැඟී ගියද, ඒ පිළිබඳව පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ විය.
ඊයේ (30) හිරිපිටිය රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මෙය ශරීරයේ අභ්යන්තරයට ලේ වහනය වීම හේතුවෙන් සිදුවූ මරණයක් බවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී මෙය පහරදීමකින් සිදුවූ ඝාතනයක් බව තහවුරු වී ඇත.
ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීම්වලින් අනතුරුව, එම ප්රදේශයේම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධය සිදු කිරීම සඳහා යොදාගත් බව කියන උදැල්ලද පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website