සංවර්ධන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් අතරතුර මතුගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා එහි ලේකම්වරයාට පහරදී ඇති බව වාර්තා වේ.
අද (30) උදෑසන ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී සභාපතිවරයා සහ සභා ලේකම්වරයා අතර උණුසුම් බහින්බස්වීමක් ඇති වී ඇති අතර එහිදී මෙම පහදීම සිදුව ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයට ලක් වූ ලේකම්වරයා ප්‍රතිකාර සඳහා වෑත්තෑව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ සම්බන්ධයෙන් මතුගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මතුගම පොලිසිය පවසයි.















