මොස්කව්හි කාර් බෝම්බය ප්‍රහාරයකින් රුසියානු ජෙනරාල්වරයෙකු මරුට

මොස්කව්හි කාර් බෝම්බ ප්‍රහාරයකින් රුසියානු ජෙනරාල්වරයෙකු මිය ගොස් ඇති බව නිලධාරීන් පවසයි. රුසියාවේ විමර්ශන කමිටුව පැවසුවේ අද (22) උදෑසන මෝටර් රථයක් යට අටවන ලද පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් ලුතිනන් ජෙනරාල් ෆැනිල් සර්වරොව් / Lt Gen Fanil Sarvarov මිය ගිය බවයි.

56 හැවිරිදි සර්වරොව් සන්නද්ධ හමුදාවන්ගේ මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ බව කමිටුව වැඩිදුරටත් පැවසීය.

බෝම්බය යුක්රේන බුද්ධි අංශවල මැදිහත්වීමෙන් අටවා ඇති බව සැකකරන නමුත් යුක්රේනය අදහස් දක්වා නොමැත.

2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනයට පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කළ දා සිට, රුසියානු අගනුවර හමුදා නිලධාරීන් ගණනාවක් යුක්රේන බුද්ධි අංශ විසින් ඉලක්ක කර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website